Thursday, November 13, 2025
Follow Us
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති වේ.

සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇති විය හැකිය.

(Aruna)