දරුවන්ට සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කරන්න පුරුදු කරන්න
පාසල් ළමයින් මගින් නිවෙස්වල දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට කොවිඩ් අාසාදනය වන ප්‍රවණතාවක් පෙන්නුම්කරන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන සඳහන් කරයි.
නිවෙස්වල ප්‍රතිකාර ලැබීම සඳහා කොවිඩ් අාසාදිතයන් හත්සිය හතළිස්තුන්දෙනකු (743) පෙරේදා ( 6 වැනිදා) දින පමණක් ලියාපදිංචි වී තිබේ.
මේ අනුව නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් අසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරිය කියා සිටී. පාසල් ළමයින්ට කොවිඩ් අසාදනය වුව ද ඔවුන්ගේ ප්‍රතිශක්තිය මත රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවත් එම නිසා පාසල් දරුවන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කිරීමට හුරු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
(Aruna)