Wednesday, July 09, 2025
Follow Us
දියර කිරි මිලත් ඉහළට

කිරිපිටි සමාගම් සිය අභිමතය පරිදි මිල වැඩි කරයි


නැවුම් දියර කිරි (Fresh Milk) ලීටරයක වෙළෙඳපොළ මිල රුපියල් 300 ක් දක්වා ඉහළ ගොස් ඇත.

රුපියල් 260 කට පැවැති දියර කිරි ලීටරයක මිල මාසයක කාලයක දී රුපියල් 300 ක් දක්වා මෙසේ වැඩිවී තිබේ.

පෞද්ගලික කිරිපිටි සමාගම් දියර කිරි මිල ගණන් සිය අභිමතය පරිදි ඉහළ දමන බව වෙළෙන්දෝ පවසති.

ගොවීන්ගෙන් නිසි ප්‍රමිතියෙන් යුතු එළකිරි මිලදී ගනු ලැබූවත්,කර්මාන්තශාලා තුළ දී ඒවාට ජලය මුසු කර තත්ත්වය බාලකර වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇතැම් සමාගම් කටයුතු කරන බව ද පැවසේ.

(Aruna)