Wednesday, July 09, 2025
Follow Us
විදුලිබල මණ්ඩල සේවකයින් විරෝධතා ක්‍රියාමාර්ගයකට

විදුලි වෘත්තිය සමිති හදිසියේම ගත් තීරණය


විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ සහභාගීත්වයෙන් අද (08) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටද විරෝධතා ක්‍රියාමාර්ගයක් සිදුකිරීමට නියමිත බව විදුලි වෘත්තිය සමිති පවසයි.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ එම විරෝධතාවයෙන් අනතුරුව සංදේශයක් රැගෙන ජනාධිපති කාර්යාලය වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති බවයි.
සමස්ත සේවකයෝ බලාගාර, කාර්යාල සහ වැඩබිම් වලින් එළියට පැමිණ ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට මෙම විරෝධතා ක්‍රියාමාර්ගය සදහා සහභාගිවීමට නියමිත බව ඔහු සදහන් කරයි.


(Aruna)