Thursday, March 28, 2024
Follow Us
රාජාගේ මරණ දැන්වීමේ මුසාමිල්ගේ රුව පෙනෙයි

වාරියපොළ ප්‍රා. සභාව මුසාමිල් මරයි


වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සදහා වාරියපොළ ප්‍රාදේශීය සභාව විසින් මුද්‍රණය කළ බැනරයට ඒ . ජේ . එම්. මුසාමිල් මහතාගේ ඡායාරූපය ඇතුළත් කර ඇති අයුරු දැකගත හැකි විය.

රාජා කොල්ලුරේ මහතා මීට සතියකට පෙර කොවිඩ් – 19 වෛරසය ආසාදනයවී කොතලාවල ආරක්ෂක පීඨ රෝහලට ඇතුළත් කෙරුණි.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කොල්ලුරේ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

ඒ මහතාගේ වියෝව වෙනුවෙන් වයඹ පළාත පුරා ප්‍රාදේශීය සභා සහ නගර සභා ආදියෙහි ආණ්ඩුකාරවරයාගේ වියෝව සම්බන්ධයෙන් දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට ආරම්භ කෙරිණි.
මෙහි විශ්මයට පත්වන දැන්වීම ප්‍රදර්ශනය කර තිබුනේ වාරියපොල ප්‍රාදේශීය සභාව විසිනි.

ඔවුන් රාජා කොල්ලුරේ මහතාගේ ඡායාරූපය වෙනුවෙන් ඒ . ජේ . එම්. මුසාමිල් මහතාගේ ඡායාරූපයක් ප්‍රදර්ශන කිරීම මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්ව තිබේ.

මෙමගින් පෙනී යන්නේ වාරියපොළ ප්‍රාදේශීය සභාවේ එකදු සාමාජිකයෙකු හෝ වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ඡායාරූපයක් වත් දැක නොමැතිවීමද ?

(Aruna)