Wednesday, May 01, 2024
Follow Us
උත්සව සමය තුළ ස්වයං නිරෝධායන සීමා පනවා ගන්න - PHI සංගමය ජනතාවගෙන් ඉල්ලයි

මේ වන විට බිම් මට්ටමේ කොවිඩ් 19 ව්‍යාප්තිය අවදානම් සහගත තැනක තිබෙන හෙයින් උත්සව සමය තුළ ස්වයං නිරෝධායන නීති පනවාගෙන උත්සවය සමරන්න උත්සහ කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ මෙලෙස සෞඛ්‍ය උපදෙස් කඩකරමින් හැසිරීමෙන් සිදුවන්නේ ලබන වසරේත් අර්ධයක්ම ගෙවීමට සිදුවන්නේ මෙම ව්‍යසනයත් සමඟ බවයි.

''කොතරම් සෞඛ්‍ය උපදෙස් දුන්නත් කොතරම් දැඩිව අවධාරණය කළත් නැවත වරක් උද්ගතවෙමින් තිබෙන්නේ පසුගිය 2020 අප්‍රේල් මාසයේ තත්ත්වය. ඒවගේම 2020 දෙසැම්බර් මාසයේ තත්ත්වය. ඒ නිසා මේ උත්සව සමයත් ඒ අයුරින්ම මහජනතාව සමරන්න උත්සහ කරනවා කියල පේනවා. කෙසේවෙතත් මේ වෙද්දී පෙර මඟ ලකුණු පහළ වෙලා තියෙනවා විශාල ව්‍යසනයකට අපි තල්ලු වෙමින් තියෙනවා කියල. සමාජයේ බොහෝ ස්ථානවල ආසදිතයෝ වාර්තා වෙනවා. විශේෂයෙන් දෛනිකව ජන මාධ්‍ය වාර්තා කරන ආසාදිත සංඛ්‍යාවෙන් එහි ප්‍රතිරූපය මවා ගන්න උත්සහ කරන්න එපා. ඊට වඩා වැඩියි බිමේ තත්ත්වය. ඉතාම අවදානම්. රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතිනවා. ඒ නිසා අපි මේ විදිහට උත්සව සමරන්න කටයුතු කළොත් අනවශ්‍ය මහජන ඒකරාශී වීම් එක්ක. සෞඛ්‍ය උපදෙස් කඩකරමින් මේ විදිහට උත්සව සමය සමරන්න කටයුතු කළොත් අපිට උත්සවය සමරන්න ලැබෙන්නේ නැහැ වගේම 2022 වසරෙත් අර්ධයක්ම අපට ගෙවන්න වෙන්නේ මේ ව්‍යසනයත් එක්ක ඉතාම අවාසනාවන්ත තත්ත්වයෙන් කියන එක අවධාරණය කරනවා. ඒ නිසා මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා රජයේ පාර්ශවයෙන් සෞඛ්‍ය බලධාරීන් යම් නිරෝධායන නීති සහ නිරෝධායන සීමා පැනවුවත් නැතත් තමන්ගේ ජීවිත සහ තමන්ගේ රටේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන්න. තමන් විසින්ම ස්වයං නිරෝධායන නීති පනවාගෙන උත්සවය සමරන්න උත්සහ කරන්න. එහෙම නැති වුණොත් ආශ්‍රිතයින් අහිමි වෙයි. නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රතිකාර මධ්‍යස්ථානවල උත්සව සමය ගතකරන්න වෙයි.'' යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

(LNW)