බුවැලිකඩ ඛේදවාචකයට සමාන භයානක අනතුරක් අත ළඟ
බත්තරමුල්ල, පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ තුන්මහල් නිවසක් නායයාමක අනතුරට මූණ දී ඇත. මේ නිවසේ 10 දෙනකු පදිංචි වී සිටින අතර මේ වන විටත් නිවස පිහිටා ඇති ඉඩම නිවස ආසන්නයටම නාය ගොස් ඇත.
නිවසේ හිමිකරු මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කර ඇතත් කිසිවකුත් මේ දක්වාම මේ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව පවසයි.
මහනුරවර බුවැලිකඩ අනවසර ඉදිකිරීමක් හේතුවෙන් අහිංසක දරු පවුලකට ජීවිත අහිම කළ ඛේදවාචකය බදු තවත් ඛේදවාචකයක් අගනුවර සිදු වීමට ආසන්න බව එහි ගිය අපට දැක ගන්නට හැකි විය.
(Aruna)