Thursday, July 10, 2025
Follow Us
සපුගස්කන්දේ ඉන්ධන පිරිපහදුව වැඩ ඇරඹීම යළි පමා වන ලකුණු - වෘත්තීය සමිතිවලින් ඇමතිට චෝදනාවක්

තාවකාලිකව අත්හිටවූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු හෙට සිට යළි ආරම්භ කරන බව විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද අදාළ දිනයට එම කටයුතු ආරම්භ කළ නොහැකි බව ඛණිජ තෙල් වෘත්තීය සමිති පවසනවා. බොරතෙල් රැගත් නෞකාවක් දිවයිනට ලගා වූ පමණින් එම කටයුතු ආරම්භ කළ නොහැකි බවයි එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

විදුලි, ඛණිජ තෙල් සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් ලබන 08 වනදා කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාව වැළැක්වීම සඳහා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු හෙට සිට ආරම්භ කරන බවට විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල සඳහන් කළේ.

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට තවත් දින 15 ක් පමණ ගතවනු ඇති බවයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළේ.

(Neth)