පකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී පුද්ගල කණ්ඩායමක් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ දේහයේ අවශේෂ රාජ්‍ය වියදමින් හෙට මෙරටට ගෙනඑන බව විදේශ අමාත්‍යංශය පවසනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් ගෙන ඒමට නියමිත එම දේහයේ අවශේෂ ඔහුගේ පවුලේ ළඟම ඥාතීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිත බවයි විදේශ අමාත්‍යංශය පැවසුවේ.
මේ අතර නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් පකිස්තානයේ ඉස්ලාමාබාද් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මගින් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යංශය වෙතින් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇතැයි ද විදේශ අමාත්‍යංශය සඳහන් කළා.
විපතට පත්වූ පාර්ශ්වයට වන්දි ගෙවීම සඳහා, ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණයෙන්, පාකිස්තාන බලධාරීන් සහ මියගිය පුද්ගලයාගේ සේවායෝජකයා සමඟ ද මේ වන විට සාකච්ඡාවල නිරතව සිටින බවයි විදේශ අමාත්‍යංහය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම ඝාතනය සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව පකිස්තාන රජය සුදුසුම ක්‍රියාමාර්ග ගනු ඇති බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.
(Neth)