Saturday, July 12, 2025
Follow Us
ගෑස් හානිවලට වන්දි ඉල්ලා පාරිභෝගිකයින් අධිකරණයට

ගෘහස්ත ගෑස් සිලින්ඩර අද සිට වෙළ පොළට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා.

ගෑස් සම්බන්ධයෙන් අනතුරු රැසක් වාර්තා වීමත් සමග ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළදපොලට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය ඉකුත් දා පියවර ගත්තා.

සිදු කෙරුණු පරීක්ෂණ මත සහ තාක්ෂණික කමිටුවේ නිර්දේශයන් අනුව කොන්දේසී තුනකට යටත්ව අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම එහි එක් කොන්දේසියක්, නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගඳ, සුවද හදුනා ගැනීම සඳහා “මර්කප්ටන්” අඩංගු කිරීම තාක්ෂණික කමිටුවේ තවත් කොන්දේසියක් වනවා.

නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම සියයකින් එකක් පරීක්ෂා කර සිීරියල් අංකය පාරිභෝගික කටයුතු අධිකාරියට ලබා දීම තවත් කොන්දේසියක්.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉකුත්දා ගෑස් අනතුරු වාර්තා වූ අතර සිදුවු හානිවලට වන්දි ඉල්ලා ඉදිරියේදී අධිකරණය හමුවේ නඩු පවරන බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කළේ.

(Neth)