නොරෝච්චෝලේ බලාගාරයේ බිඳවැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී සවස 06 ත් රාත්‍රී 09 යි 30 ත් අතර කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැයක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. නොරෝච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවීම ඊට හේතු වන බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.
නොරෝච්චෝලේ බලාගාරයේ එක් ජන යන්ත්‍රයක් අද දිනයේ ප්‍රධාන පද්ධතියට එක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියා.
ඊයේ දිනයේ මුලු දිවයිනේම විදුලි බිදවැටීමට හේතුව සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ බිද වැටීමක් බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ. මීට දින කිහිපයකට පෙර ද මහවැලි විදුලිබලාගාරවල ඇති වූ බිද වැටීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටුණා. ඊයේ සිදුවූ විදුලි බිද වැටීම කුමන්ත්‍රණයක්දැයි සැක මතුවන බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස පොලීසියට පැමිණිලි කර ඇති බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ නෙත් නිවුස් වෙත කියා සිටියා.
(Neth)