මෙරටින් හමුවූ ප්‍රථම ඔමික්‍රෝන් ආසාදිතයා මාරවිල
නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාව ඇතුළු ආසන්න රටවල සංචාරය කර දිවයිනට පැමිණි සියලු දෙනාගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය තීරණය කර ඇත.
ඒ ඔමික්‍රෝන් වයිරසය ආසාදිත ශ්‍රී ලාංකිකයකු ඊයේ(03 ) සොයා ගැනීමත් සමගිනි. බටහිර අප්‍රිකාවේ නයිගර් රාජ්‍යයේ පැවැති අන්තර්ජාතික සමුළුවකට ගොස් පැමිණි යුවළකගෙන් කාන්තාවට ඔමික්‍රෝන් වැලඳී ඇති බව අනාවරණය වී ඇත. ඇය ලුණාව කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයේ දිනක් ප්‍රතිකාර ලබා ඇත්තේ නොවැම්බර් 24 වැනිදා කටුනායකදී ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම නිසා බව වසංගත රෝග විද්‍යා අංශ ආරංචි මාර්ග පවසයි. මෙම රෝගියා හා අනෙක් අය එන්නත් ලබාගෙන නොමැති බවද අනාවරණය වෙයි.
මෙම කොවිඩ් ආසාදිත නිවෙස් නිරෝධායනයට ද යොමු කර තිබුණි. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් වයිරසය ආසාදිත රෝගීයාගේ ආශ්‍රිතයන්ද නිරෝධායනයට යොමු කළ බවයි. ආසාදිතයන් තිදෙනකුගේ ජෛව සාම්පල මාරවිල ප්‍රදේශයේදී ලබාගෙන ඇත.
මේ අතර ඔමික්‍රෝන් රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ‘‘ON ARRIVAL PCR’’ පරීක්ෂණ කටුනායකදී කඩිනමින් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය වෘත්තිය රවි කුමුදේශ් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. තවද විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන හඳුනා ගන්නා ආසාදිතයින්ගේ ප්‍රභේද පරීක්ෂණ විධිමත් කිරීම සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරන ලෙසද ඔහු ඉල්ලා ඇත.
(Aruna)