මෙරටින් පළමු වරට හදුනා ගැණුනු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව එන්නත්කරණයට ලක් නොවූ අයෙකු බව ඊයේ අනාවරණ වුණා. මේ වනවිට බොහෝ රටවලට පැමිණීමට අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට පමණයි. එවන් පසුබිමක කිසිදු එන්නතක් හෝ ලබානොගත් මෙම කාන්තාව රටට ඇතුළුවූයේ කෙසේද යන්න ගැටළු සහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ.
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගත් කාන්තාව මාරවිල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්. ඇය ඉකුත් 24 වනදා දිවයිනට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කළා.
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ එම කාන්තාවට රටට ඇතුළුවීමට අවසර ලබාදුන් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සතුටුදායක මට්ටමක නොමැති බවද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ වැඩිදුරටත් සඳහන් කළා.
(Neth)