Tuesday, March 31, 2026
Follow Us
ඊයේ කොවිඩ් ආසාදිතයින් 725 දෙනෙකු

අඩුවක් නැති කොවිඩ් ආසාදිතයෝ


මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 566,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ (03) දිනයේදීත් නව කොවිඩ් ආසාදිතයින් 725 දෙනෙකු හඳුනාගැනීමත් සමගය.

පසුගිය දින 10 ක පමණ කාලයක් තුළ මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් 700 යේ සීමාව ඉක්මවා ඇත.

කෙසේවෙතත් මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 566,196 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සමස්ත ආසාදිතයින්ගෙන් 541,536 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටී.

ආසාදිතයින් 10,241 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර කොවිඩ් ආසාදිත මරණ 20 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,419 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඔමික්‍රෝන් වෛරසය ආසාදිත තරුණියක් ඊයේ දිනයේ දී පළමු වරට මෙරටින් හඳුනාගැනුණි.

(Aruna)