Saturday, July 12, 2025
Follow Us
ප්‍රදේශ රැසකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

(Aruna)