Saturday, July 12, 2025
Follow Us
මොරටුවේ පිපිරීමක්

හේතුව කුමක්දැයි තවමත් හෙළිවී නෑ


මොරටුව අඟුලාන ප්‍රදේශයේ අද (3 වැනිදා) භූමිතෙල් ලිපක් පිපිරෙයි.

අඟුලාන පොලිසිය ඉදිරිපිට ඇති අතුරු මාර්ගයක මෙම සිදුවීම සිදුවී ඇති බවටයි වාර්තා වන්නේ,

නිවස සමග ටකරං ආවරණයක් සහිත ඇති මෙම ස්ථානය ගම් වර්ග නිෂ්පාදනය කරන ස්ථානයකි.

ගින්න හට ගත් අවස්ථාවේදී ප්‍රදේශවාසීන් පැමිණ වතුර දමා ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත. සිද්ධියෙන් කිසිවකුටවත් හානියක් නොමැති අතර නිෂ්පාදන ද්‍රව්‍යයන්ට සහ එම ස්ථානයේ ටකරං ආවරණ සහිත මඩුවට දැඩි අලාභ හානි සිදුව ඇත.

පසුව එම ස්ථානයට මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැමිණ තිබේ

භූමිතෙල් ලිප පිපිරීමෙන් ගිනි ගත් බව එම ස්ථානයේ සිටි කාන්තාවක් පැවසුවාය. නමුත්

ගිනි නිවීම් ඒකකයේ නිලධාරීයෙකු පවසා සිටියේ , ගින්නට හේතුව කුමක්දැයි පැවසිය නොහැකි බවයි. ගින්න ඇති වන අවස්ථාවේ එම ස්ථානයේ සේවිකාවන් 5 දෙනකු සේවය කරමින් සිට ඇත.

ඔවුන් කිසිවෙකුටවත් හානියක් සිදු වී නැත.

(Aruna)