වසර 6කට පසු කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකාව ලැබූ පූර්ණ තරගාවලියක ජයක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට මීට සුළු වේලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ, ලකුණු 164කිනි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 204ක් රැස්කර ගත් අතර, කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 253ක් රැස්කර ගත්තේය.
අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුළු 9ක් දැවී ලකුණු 345ක් රැස්කර ගෙන සිටියදි ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
ඒ අනුව ලකුණු 297ක අභියෝගයක් භාර ගනිමින් ගාලු පිටියට පැමිණි කොදෙව් කණ්ඩායම පිළිතුරු දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කර ගත හැකි වූයේ ලකුණු 132 ක් පමණි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකම ජය ගැනීමට සමත්ව තිබේ.
(Aruna)