Saturday, July 12, 2025
Follow Us
ගුරු-විදුහල්පති යළි සටනට

කැබිනට් තීරණය උල්ලංඝනය කිරීමට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ග


ගුරු හා විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කිරීමේ කැබිනට් මණ්ඩල තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය උල්ලංඝනය කිරීමට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩල තීරණය අනුව සංවෘත සේවා බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නොවැම්බර් මස 20 වැනිදා වන විට නිකුත් කළ යුතු වුව ද මෙතෙක් එම ගැසට් නිවේදනය නිකුත් කර නැතැයි ද ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අතර ආන්දෝලනයක් හට ගෙන ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘අරුණ’ට ඊයේ (02 වැනිදා) පැවසීය.
ගැසට් නිවේදනය නිකුත් කරනු වෙනුවට සංවෘත සේවාවක් බවට පත් කිරීමේ තීරණය පිළිබඳ අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගේ මතය විමසීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන බවත් එසේ කිරීමේ අවශ්‍යතාව වන්නේ සංවෘත සේවා බවට පත් කීරීමේ ක්‍රියාවලිය කල් දැමීම බවත් ඒ මහතා කීවේය.

(Aruna)