ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සාමාජිකයින් 03 දෙනෙකු ඉල්ලා අස්වීමේ ලිපි භාරදී ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉතා ඉහළ වැටුප් තල යටතේ නිලධාරීන් රැසක් බඳවා ගෙන ඇති බවට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ද චෝදනා එල්ල වුණා. එම තත්ත්වයන් හමුවේ අදාළ පිරිස ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර උතුරේ දූපත් 03 ක ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ විදුලි ව්‍යාපෘති කිහිපයක් අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. තෙවන පාර්ශවයක බලපෑම පවතින ආරක්ෂක තත්ත්වයන් පිළිබඳ අවදානය යොමු කරමින් අදාළ ව්‍යාපෘති අත්හිටුවීමට සයිනෝ සෝර් හයිබි්‍රඩ් ටෙක්නොලජීස් සමාගම තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේනයක දැක්වෙන්නේ.
ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් දූපත් ආශ්‍රිතව එම විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ චීන සමාගම සූදානමින් සිටියා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී තිබුණු අතර අදාළ ව්‍යාපෘති සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බව ඉන්දියාව අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළා.
(Neth)