Saturday, July 12, 2025
Follow Us
අදත් පාලත් කිහිපයකට වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්


සබරගමුව, මධ්‍යම,ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

(Aruna)