Monday, May 06, 2024
Follow Us
ජනවාරි 01 සිට අවම බස් ගාස්තුව රු. 20ක්?

ලබන වසරේ ජනවාරි 01 දා සිට බස් ගාස්තු ඉහළ දැමීම සදහා වන යෝජනාවලිය ලබන සතියේ ජාතික ගමනාගමන කොමිසමට සහ ප්‍රවාහන අමාත්‍යාංශයට භාර දීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසුවේය.

අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

කොවිඩ් 19 හමුවේ කඩා වැටුණු පෞද්ගලික බස් කර්මාන්තය යළි නැංවීම සඳහා මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

''ප්‍රවාහන අමාත්‍යාංශයේ මිලියන 1200ක් ලංගමට දෙන්න පුළුවන් නම් ඇයි තාම අපේ බස් කර්මාන්තයට මේ කොවිඩ් උවදුර එක්ක බස් ටික ධාවනය කරන්න ඇයි අපට සහනයක් ලබාදෙන්නේ නැත්තේ. පුද්ගලික කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව සතු ක්‍රියාවලියක්. මේ කර්මාන්තය පාඩු පිට දුවන්නේ. අපි යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා ආණ්ඩුවට සහ ප්‍රවාහන අමත්‍යතුමියට. අපේ පාඩුව පියවාගන්න කඩිනමින් මෝටර් රථ ආඥා පනත සංශෝධනය කරන්න කොන්දොස්තර මහතුන් සහිතව හෝ රහිතව. ඒ වගේම බස් රථවල තිබෙන පිරිවැය දරාගන්න හැකියාවක් නැහැ. එයපියවා ගැනීමට කඩිනමින් කාඩ් පත් ස්ථාපිත කරන්න. මේවා කරන්නේ නැතුව ලංගමට මිලියන 1200ක මුදලක් ලබාදෙන්න කටයුතු කරනවා. අපි අකමැත්තෙන් වුවත් තීරණය කළා බොහෝදුරට අවම ගාස්තුව රු.20ක් වත් විය යුතුයි කියල තමයි අපේ යෝජනාව. ජනවාරි පළමුවැනිදා සිට බස් ගාස්තු වැඩිකිරීමේ යෝජනාවලිය අපි ලබන සතියේ ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යාංශටත් අපි යොමුකරනවා.''

(LNW)