Tuesday, March 31, 2026
Follow Us
අබුඩාබි ටී ටෙන් පිටියේදී වනිදු හසරංගගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්

අබුඩාබි ටී ටෙන් ක්‍රිකට් තරගාවලියේදී යළිත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර දහයේදී ලකුණු 140 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 78 ක් පමණයි.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග නියමිත පන්දුවාර දෙකේදී එක් නිලකුණු පන්දුවාරයක්ද සමග ලකුණු 8 කට කඩුළු 5 ක් බිද හෙළුවා.

(Neth)