Tuesday, May 07, 2024
Follow Us
ලාභ ලබන්න ගුණාත්මක බව අඩු කරලා නෑ

ලාෆ්ස් ගෑස් සමාගමෙන් දැනුම් දීමක්


දේශීය පාරිභෝගික සුබසිද්ධිය වෙනුවෙන් දේශීය ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වන ලාෆ්ස් ගෑස් සමාගම සැමවිටම පාරිභෝගිකයාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා සියලුම ක්‍රියාමාර්ග සහ ආයෝජනයන් සිදුකරන අතරම, වැඩි ගුණත්වයෙන් යුතු එල් පී ගෑස් සහ උපාංග පාරිභෝගිකයා වෙත ලබාදීමට කැපවී සිටින බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කිසිදු ලාභ අපේක්ෂාවක් වෙනුවෙන් එල් පී ගෑස්වල, සිලින්ඩර හෝ උපාංගවල ගුණත්වය අඩු කිරීමක් නොකරන අතරම මෙරට ප්‍රමිති ආයතනය සහ එල් පී ගෑස් වෙනුවෙන් පවතින ජාත්‍යන්තර සම්මතයන්ට අනුව මෙරටට ගෑස් ආනයනය සහ මෙහෙයුම් කටයුතු කිරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම මෙහිදී අවධාරණය කර සිටී.

සමාජ මාධ්‍යවල සඳහන් පරිදි එල් පී ගෑස් වල ප්‍රෝපෙන් වැඩි කිරීම හරහා සංයුතිය වෙනස් කිරීමට ලක් කිරීමෙන් සමාගම් අතිරේක ලාභයක් ලබන් බවට සඳහන් කළද සැබැවින්ම ප්‍රෝපෙන් යනු මෙම වසරේ මිල අධික වායුවකි.

එබවින් සමාගම් ප්‍රොපෙන් වැඩි කිරීම හරහා ලාභයක් ලබන බව පැවසීම අර්ථ විරහිතය.

(Aruna)