Tuesday, March 31, 2026
Follow Us
විදුලිය බිඳවැටීම කඩාකප්පල් වැඩක් ?

ලංකා විදුලිබල මණ්ඩලයෙන් CIDට පැමිණිල්ලක්


දිවයිනේ ප්‍රදේශ රැසක පෙරේදා (29 වැනිදා) රාත්‍රියේ සිදුවූ විදුලිය බිඳවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (30 වැනිදා) පැමිණිල්ලක් කර තිබේ.

කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් විදුලිය බිඳවැටී ඇති බවට ලද පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමින්, එලෙස පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු සඳහන් කළේය.

කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පෙරේදා (29 වැනිදා) රාත්‍රී විදුලිය බිඳ වැටී තිබුණි.

(Aruna)