Tuesday, March 31, 2026
Follow Us
දියතලාවේ තවත් ගෑස් පිපිරීමක්

දියතලාව දොඩම්වත්ත ප්‍රදේශයේ නිවසක අද (30) ගෑස් අනතුරක් සිදුව තිබෙනවා. ගෑස් ලිප ක්‍රියාත්මකව නොමැති අවස්ථාවක ලිප පුපුරා ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.

දියතලාව පොලීසිය පවසන්නේ මෙම අනතුරින් නිවසේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.

ගෑස් අනතුරු බහුලව සිදුවන බැවින් පසුගිය දිනවලදී ගෑස් භාවිතා නොකළ බවත්, අද උදෑසන කිසිවෙකුත් මුළුතැන්ගෙයි නොසිටි අවස්ථාවක මෙම පිපිරීම සිදු වූ බවත් නිවෙස් හිමියන් පවසනවා.

(LNW)