Sunday, July 13, 2025
Follow Us
ඒඩ්ස් නැති අයටත් ඒඩ්ස් වලට දෙන බෙහෙත් දෙයි

ස්වයං HIV පරීක්ෂණ කට්ටල නොමිළේ දෙයි


එච්.අයි.වී. වෛරසය ආසාදනය වී නොමැති එහෙත් අවදානම් තත්ත්වයේ පසුවන පුද්ගලයින්ට ඒ සඳහා භාවිත කරන ඖෂධ ලබාදීමට සූදානම් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.

වෛරසය පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසා සිටියේය.

ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ දත්තවලට අනුව මෙරට එච්.අයි.වී. ආසාදිතයින් 3700ක් පමණ සිටින අතර ප්‍රතිකාර සඳහා යොමුව ඇත්තේ 2600ක පමණ පිරිසක් පමණයි.

පවතින කොවිඩ් වසංගතයත් සමඟ එම සංඛ්‍යාව ද පහත වැටී ඇති අතර මේ වන විට ප්‍රතිකාර සඳහා යොමු වන්නේ 363ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවයි වාර්තා වේ.

ඊට පිළියමක් ලෙස ස්වයං එච්.අයි.වී. පරීක්ෂණ කට්ටල නොමිළේ ලබාදීමට ද වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසා සිටියේය

(Aruna)