Sunday, July 13, 2025
Follow Us
පාන් ගෙඩියේ අනුමත බර අඩු කරන්න බේකරි හිමියන්ගෙන් යෝජනාවක්

පාන් ගෙඩියක අනුමත බර ප්‍රමාණය අඩු කරන ලෙස බේකරි හිමියන් රජයට යෝජනා කරනවා. එසේ කළහොත් පාන් ගෙඩියක මිල අඩු කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. තිරිගු පිටි මිල වැඩි කිරීමත් සමග පාන් ගෙඩියක මිලද රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා.

නියමිත පරිදි පාන් ගෙඩියක තිබියුතු බර ග්‍රෑම් 450 ක්. එහෙත් එක් එක් ප්‍රදේශවල අනුමත බරට වඩා අඩු බරකින් යුත් පාන් නිෂ්පාදනය කර අඩු මිලට අළෙවි කරන ප්‍රවණතාවක් දැන් නිර්මාණය වී ඇති බව බේකරි හිමියන් පෙන්වා දෙනවා.

එබැවින් පාන් ගෙඩියක අනුමත බර ප්‍රමාණය ග්‍රෑම් 400ක් දක්වා අඩු කරන ලෙසටයි බේකරි හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ.

තිරිගු පිටි මිල වැඩි කිරීමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් හා සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් වැඩි කිරීමට බේකරි හිමියන් කටයුතු කර තිබෙනවා. එහෙත් එම බේකරි නිෂ්පාදන අළෙවිය ඊයේ පහල ගොස් තිබූ බවයි බේකරි හිමියන් පැවසුවේ.

මේ අතර තිරිගු පිටි මිල ඉහළ දැමූ බව තිරිගු පිටි ආනයනය කරන සමාගම් දෙකම මේ වනවිටත් ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රිමා සමාගම ඉකුත් සති අන්තයේ පැවසුවේ තිරිගු පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 17 යි ශත 50 කින් ඉහළ දමන බවයි. තම සමාගමද තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 17 යි ශත 50 කින් ඉහළ දැමූ බව සෙරන්ඩිබ් සමාගමද ඊයේ ප්‍රකාශ කළ

(Neth)