Sunday, July 13, 2025
Follow Us
පොලීසිය විවේචනය කරන සමාජ මාධ්‍ය ගිණුම් 400 ක් ගැන විමර්ශණ

ශ්‍රී ලංකා පොලීසිය විවේචනය කරන ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් 400කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ක්‍රියාත්මක වන බව පොලිස් නිලධාරීන් පවසනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉකුත් සමයේ දිගින් දිගටම තොරතුරු අනාවරණ කළා.

පොලීසියේ හිටපු ජේ්‍යෂ්ඨ ප්‍රධානීන් පවසන්නේ මෙවැනි ක්‍රියා හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට හානි වන බවයි. ත්‍රිවිධ හමුදාවේ මෙවැනි සිද්ධීන් සිදු නොවන බවත් සාධාරණ හේතුවකින් තොරව පොලීසිය විවේචනය කිරීම කණගාටුදායක බවත් ඔවුන්ගේ මතයයි.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ ශ්‍රී ලංකා පොලීසිය විවේචනය කරන ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් හරහා පොලිස් නිලධාරීන්ගේ ජීවිතය, ආහාර සැපයීම, නිවාඩු මෙන්ම පොලිස් මාරුවීම්ද විවේචනය කර ඇති බවයි. එමෙන්ම පොලීසිය ක්‍රියාකළ යුතු ආකාරය සදහන් කරමින් උපදෙස් ද එම සමාජ මාධ්‍ය ගිණුම්වල සදහන්. එම සියළු ෆේස්බුක් ගිණුම් පිටස්තර පුද්ගලයින් විසින් මෙහෙයවන ඒවා බවයි හෙළි වී ඇත්තේ.

නෙත් නිවුස් පසුගිය කාලයේදී අනාවරණ කළ රවිදු කල්හාර නමැත්තාද එවැනි පුද්ගලයෙක්. ඔහු පොලීසියට සම්බන්ධ ක්‍රියාකාරකම් සදහා මුදල් ලබාගත් ආකාරය නෙත් නිවුස් එහිදී හෙළි කළා. ඒ සම්බන්ධයෙන්ද මේ වනවිටත් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.

මේ අතර නෙත් නිවුස් සිදුකළ අනාවරණයන්ද හේතුකොට ගෙන ශ්‍රී ලංකා පොලීසිය විවේචනය කරන ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් මේ වනවිට පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක්ද ක්‍රියාත්මක වනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ අදාළ ෆේස්බුක් ගිණුම් අක්‍රීය කිරීම සදහායි.

(NEth)