Tuesday, March 31, 2026
Follow Us
අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම වැසි

ගිගුරුම් සහිත වැසි


දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පමණ පසු ව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

(Aruna)