Sunday, July 13, 2025
Follow Us
ලෝකයේම අවධානය දිනූ චරිත් අසලංකට ටෙස්ට් වරම්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 12 ක් තුළ කිසිවෙකු නොදැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 34 ක්.

අද උදෑසන තරගය ආරම්භවීමට නියමිතව තිබුණද දිගින් දිගටම වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය ආරම්භ කිරීමට සිදුවූයේ සවස 3 ටයි. අද සිදුවූ විශේෂ සිද්ධිය වූයේ ශ්‍රී ලංකාවේ 157 වන ක්‍රීඩකයා ලෙස චරිත් අසලංක ටෙස්ට් වරම් දිනාගැනීමයි. ඉකුත්දා අවසන් වූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්‍ෂතා හේතුවෙන් චරිත් අසලංක ලොවපුරා කාගේත් අවධානයට ලක් වුණා.

(Neth)