Tuesday, May 07, 2024
Follow Us
ලබන මාසයේ ගෑස් මිල අඩුවෙයි

ගෑස් වලට මිල සූත්‍රයක්


සහනයක් ලැබෙන පළමු මාසය තුලම ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

අද (29) පැවැති වැඩසටහනක් අතරතුර දී ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච් වෑගපිටිය මහතා ඒ බව සඳහන් කළේය.

“අද තිබෙන පුරෝකතන අනුව ලබන මාසයේදී ගෑස් මිල යම් මට්ටමකට අඩුවෙයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ අනුව ඊළඟ මාස කිහිපයේදී මිල අඩුවෙයි කියලා විශ්වාස කරනවා.”

“අපිට සහනයක් හමුවෙන පළවෙනි මාසෙම අපි බලාපොරොත්තු වෙනවා අපි විසින්ම ස්වයං නීර්ණය කරපු මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න.”

“මිල අඩු වෙනකොට අඩු කරලා..වැඩි වෙනකොට වැඩි කරන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයකට යන්න. ලාෆ්ස් විතරක්.”

“පාරිභෝගික කටයුතු අධිකාරියේ පනත යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස තිබුණු තත්ත්වය මෑතකදී අයින් කළා. පාරිභෝගික කටයුතු අධිකාරියට දැන් ගෑස්වල උපරීම සිල්ලර මිල තීරණය කිරීමේදී බලපෑමක් කරන්න බෑ.”

“අපි අවුරුදු 3ක්ම අඩු මුදලට ගෑස් දුන්නා. ගියමාසේ විතරයි පිරිවැයට සාපේක්ෂව මිල තීරණය කරන්න අවස්ථාව ලැබුණේ.”

“ගෑස් අනතුරක් වුණොත් අපේ රක්ෂණ ආවරණයක් තිබෙනවා.”

(Aruna)