Tuesday, May 07, 2024
Follow Us
මහනුවර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වෙත නායේ යෑමේ රතු නිවේදන!

පසුගිය දින කිහිපය තුළ ඇදහැළුණු වර්ෂාපතනය හේතුවෙන් තවදුරටත් නායේ යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවා.

ඒ, අද (28) මාධ්‍ය වෙත නවතම තත්ත්වය ගැන පැහැදිලි කරමිනි.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැරණියගල, දෙහිඕවිට,මාවනැල්ල, වරකාපොළ, රුවන්වැල්ල, කෑගල්ල, ගලිගමුව යටියන්තොට, අරණායක, බුලත්කොහුපිටිය සහ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, පොල්ගහවෙල සහ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 03 යටතේ ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බවයි සේනාධීර මහතා කියාසිටියේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ කොත්මලේ,රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය,යටිනුවර,පාතහේවාහැට,පූජාපිටිය,මැද දුම්බර,ගඟවට කෝරළය, උඩ පළාත, හාරිස්පත්තුව, පස්බාගේ කෝරළය, උඩුනුවර, දොළුව, සහ පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මල්ලවපිටිය, සහ අලව්ව, මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, රත්තොට, උකුවෙල සහ ලග්ගල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නුවරඑළිය සහ හඟුරන්කෙත, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කුරුවිට, රටපුර සහ වැලිගෙපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර එක යටතේ විමසිලිමත්වන ලෙස නිවේදනයක් නිකුත් කර ඇත.

කඳුකර ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබෙමින් පවතින අතර කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි තවත් දින කිහිපයක් මෙම වැසි සහිත කාළගුණය පවතින හෙයින් අවදානම් සහිත ස්ථානවල සිටින අය තම අවට ගැන සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි වසන්ත සේනාධීර මහතා වැඩිදුරටත් පැවසුවේ.

(LNW)