Tuesday, May 07, 2024
Follow Us
දැදුරු සහ මාඔය පිටාර ගලයි

අධික වැසි හේතුවෙන් වුන දේ


අධික වැසි හේතුවෙන් ජලාශවල ජල මට්ටම් ද ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට දැදුරුඔය සහ මාඔය පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම්වල ජනතාව අවදානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඉඟිනිමිටිය සහ තබ්බෝව ජලාශ ද වාන් දමමින් පවතින අතර තවදුරටත් වැසි ඇති වී ජලාශවල ජල මට්ටම ඉහළ ගියහොත් හලාවත ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යට වීමේ අවදානමක් පවතිනවා.

වෙහෙරගල ජලාශයේ ද වාන් දොරටු විවෘත කර ඇති බැවින් මැණික් ගඟේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර, නුවරඑළිය – නිල්දණ්ඩාහින්න – වලපනේ ප්‍රධාන මාර්ගයට පස් සමඟ ගල් පතිතවීම නිසා ගමනාගමනයට ඇති වූ බාධාවන් මේ වනවිට ඉවත් කර තිබෙනවා.

ඇල්ල – පස්සර මාර්ගයේ 16 වන කිලෝමීටර කණුව අසලින් නාය යෑමක් සිදුව ඇති බැවින් එම මාර්ගය එම මාර්ගය ද තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

එසේම කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුරය, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නාය යාමේ අනතුරු ඇගවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

(Aruna)