Sunday, July 13, 2025
Follow Us
කුමාර් ධර්මසේනගෙන් සංවේදී සටහනක්

මාත් කවදහරි නොතෙමී යනවා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් ක්‍රිකට් තරග විනිසුරු කුමාර් ධර්මසේන මහතා විසින් සංවේදී සටහනක් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රචාරය කර තිබේ.

ඒ, වැස්සෙන් ආරක්ෂාවීමට ගසක් යටට වී සිටින පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සමග තමන් අතීතයේ දුටු සිහිනයක් පිළිබදවයි.

එම සංවේදී සටහන පහතින්….

එක දිගට අවුරැදු 5 ක් කිලෝමීටර් සිය ගණන් බයික් එකේ තෙමුනු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනව…? ඒ හැමවෙලේම පාරෙ නොතෙමී යන වාහන දිහා අහින්සක විදිහට බලන් හිටියෙ අල්පෙනෙති තුඩක තරම්වත් ඊරිසියාවකින් නම් නෙමේ…. ඒ හැමවෙලේම සිහින දැක්ක,, මාත් කවදහරි නොතෙමී යනව කියලා….
අද මම නොතෙමී යනවා… ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ… ?? මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන එද්දී,, යද්දී පුදුම හැගීමක්… මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි… ඒත් හදවතින් පතනව හැම මොහොතකම උබල හැමෝටම මාත් එක්ක නොතෙමී යන්න ඉක්මණටම….???
KD

261508986 152179530471261 853319252708869640 n

(Aruna)