Sunday, July 13, 2025
Follow Us
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ට නිවේදනයක්

තාවකාලිකව වසා දැමුනු ප්‍රධාන මාර්ගය


කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාවෙන් වසා දමා තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ ඊයේ (27) මධ්‍යම රාත්‍රී 12 සිට අද (28) පෙරවරු 6 දක්වා මෙලෙස එම මාර්ගය වසා තබන බවයි.

ඒ අනුව එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දන්වා ඇත.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශය නායයාමේ අවදානමට ලක්වූ අතර මීට පෙර දින කිහිපයක් අදාළ මාර්ගය එම ප්‍රදේශයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගත්තේය.

අනතුරුව ඒ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතන විසින් සිදුකළ ශක්‍යතා අධ්‍යයනවලින් පසුව නායයාමේ තත්ත්වය අවම කිරීම සඳහා අවසර ගෙන මාර්ගය නැවත විවෘත කළේය.

(Aruna)