Sunday, July 13, 2025
Follow Us
බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කර සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයින් 05 දෙනෙකු පදවිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව පදවිය ආරියදාසගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

සැකකරුවන් ගමන්ගත් වෑන් රථයේ තිබී අමෝනියා නයිටේ්‍රට් කිලෝ 53ක්, සේවා නූල් අඩි 2,192ක්, ජෙලට් නයිට් කූරු 178ක්, ඩෙටනේටර් 320ක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන් මැදවච්චිය හා කැකිරාව ප්‍රදේශවල පදිංචි කරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ. ඔවුන් අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(Neth)