Wednesday, November 12, 2025
Follow Us
සතියක් තුළ විසදුම් නොලැබුණොත් සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයක

සිය ඉල්ලීම්වලට සතියක් තුළ විසදුම් නොලැබුණොත් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා. හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුලු වෘත්තිය සමිති 15 ක් ඉල්ලීම් 06 ක් මුල් කර ගනිමින් ඊයේ උදෑසන හතේ සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.

සෞඛ්‍ය වෘත්තිකයින් 55,000 ක් පමණ ආරම්භ කර ඇති එම සංකේත වැඩවර්ජනය අවසන්වීමට ඇත්තේ හෙට උදෑසන 7 ටයි. මෙම වර්ජනය හේතුවෙන් රජයේ රෝහල් වෙත පැමිණි බාහිර රෝගීන් රැසක් පීඩාවට පත් වුණා. මේ, සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද අදහස් දැක්වූ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ්.

සිය ගැටළු සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද ඊට ද ප්‍රතිචාර නොලැබුණු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)