Tuesday, July 15, 2025
Follow Us
අඩු පීඩන කලාපයක් ඇති වීමේ අවධානමක්

නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්


අද දවසේ තද වැසි සමග සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් නිරිත දිග බෙංගාල බොක්ක සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන නාවික හා ධීවර ප්‍රජාවට ඉදිරි දින කිහිපය තුල විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙනවා.

එමෙන්ම ගිණිකොන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලිය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ වල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

(Aruna)