Tuesday, July 15, 2025
Follow Us
කොවිඩ් වැඩිවෙයි පාසල් වැසෙයි?

රිජ්වේ රෝහලේ විශේෂඥවරයා කළ බැරෑරුම් අනාවරණය මෙන්න


කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ පාලනයත් සමඟ පාසල් සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකිවීම ඉතා හොඳ දෙයක් වන නමුත් යළිත් වරක් කොවිඩ් 19 ආසාදිත දරුවන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා අද පැවසුවා.

මෙම තත්ත්වය හොඳ තත්ත්වයක් නොවන අතර තවදුරටත් දරුවන් අතර රෝග ව්‍යාප්තිය වැඩි වුවහොත් නැවත පාසල් වැසීමක් දක්වා යාහැකි බව විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා.
රට තුළ සමස්ත රෝගීන් ගණන බැලුවද අඛණ්ඩව හත්සියය ඉක්මවා වාර්තා වෙමින් තිබෙන බවයි ඔහු පැවසුවේ.

එහෙයින් තත්ත්වය පාලනය කරගෙන අධ්‍යාපනය අඛණ්ඩව කරගෙන යාම සඳහා දරුවන්ට ලැබී ඇති අවස්ථාව ආරක්ෂා කරගැනීම වැදගත් බව ඔහු අවධාරණය කරයි.

(Aruna)