Sunday, May 05, 2024
Follow Us
සීමාවන්ට යටත්ව ගාලු ටෙස්ට් තරගය නරඹන්න අද සිට අවසර

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි. වර්ෂාව හේතුවෙන් ඊයේ තරඟය අතරමග නතර කිරීමට සිදුවුණා. ඒවන විට පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 224 ක් රැස්කරගෙන සිටියා.

ඒ, ශ්‍රී ලංකා කන්ඩායම පළමු ඉණිමේදී රැස් කළ ලකුණු 386 ට පිලිතුරු ලෙසයි. ඒ අනුව එක් කඩුල්ලක් අතැතිව සිටින කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 162 ක් පිටුපසින් සිටිනවා.

මේ අතර මෙම තරඟය අද සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ප්‍රේක්ෂකයින් සඳහා විවෘත කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පස්වරුවේ නිවේදනය කළා.

ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ උපරිම ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 50 කට අද සිට තරඟය නැරඹීමට ක්‍රීඩාංගනයට ඇතුලුවීම සඳහා අවස්ථාව සලසාදෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. එලෙස ක්‍රීඩාංගනයට ඇතුලු වීමට නම් කොවිඩ් මර්දන එන්නත් දෙකක් ලබා සිටීම අනිවාර්ය වනවා.

(NEth)