Tuesday, July 15, 2025
Follow Us
කොළඹ – නුවර පාරේ යන අයට සුබ ආරංචියක්

කඩුගන්නාව පාර ගැන තීරණයක්


කොළඹ නුවර මාර්ගයේ නායයෑමේ අවදානමට ලක්වී ඇති කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත්කොට වෙළෙඳසැල් නැවත ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස මහා මාර්ග අමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

ඊයේ (24) පාර්ලිමේන්තුවේ පැවති විශේෂ රැස්වීමක දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අදාළ උපදෙස් ලබාදුන් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නායගිය ස්ථානයේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම මාර්ගය මංතීරු තුනක් සහිතව හා බෑවුම පැත්තේ මීටර් 3ක් පළල තීරුවක් නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.

ඊට අමතරව, සුදුසු මූල පද්ධතියක් සහිත ශාක හඳුන්වා දීම තුළින් බෑවුමේ ස්ථායිතාව වර්ධනය කිරීමට ද මාර්ගය හා පිහිටි ගල් පර්වර්තය අතර කොටස පරිසර සංරක්ෂිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමටද අවශ්‍ය උපදෙස් ලබා දීම මෙහිදී සිදුව තිබෙනවා.

(Aruna)