Tuesday, July 15, 2025
Follow Us
බත් පැකට් - ප්ලේන්ටි යළිත් ගණං උස්සයි!

ආපන ශාලාවල අලෙවි කරන ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල යළිත් ඉහළ දැමීමට සිදුව ඇති බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. මේ දිනවල එළවලු, සීනි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ ගොස් තිබීම ඊට හේතුවයි.

ඒ අනුව බත් පැකට් එකක මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර ප්ලේන්ටියක මිල රුපියල් 05 කින් ඉහළ ගොස් තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් මීට පෙරද බත් පැකට් ඇතුළු පිසූ ආහාරවල සහ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමිණි.

(LNW)