හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ට එරෙහිව ගොනුකර ඇති නඩුවේ චෝදනා අද (22) දින කොළඹ මහාධිකරණය ඉදිරියේ කියවීම සිදුකර තිබේ.
ඒ එම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහමඩ් ඉර්ෂඩීන් නම් විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී ද එය වළක්වා ගැනීමට අසමත් වීම ඇතුළු චෝදනා 855 හිටපු පොලිස්පතිවරයාට එරෙහිව ගොනුකර තිබේ.
(LNW)