Tuesday, July 15, 2025
Follow Us
ලංකාවේ කසාද බැඳීම් අඩුවෙයි

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවෙන් හෙළි වූ දේ


2020 වර්ෂයේදී මෙරට තුළ විවාහ ලියාපදිංචි කිරීම්වල අඩුවක් පවතින බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2019 දී ලියාපදිංචි විවාහ 163,378 ක් සිදුවී ඇති අතර එය 2020 දී 143,061 දක්වා පහත වැටී ඇත.

මේ අතර වැඩිම විවාහ ලියාපදිංචි කිරීම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. එය 14 617කි.

රටපුරා පැතිර ගොස් ඇති කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල නියමයන්ට අනුව මංගල උත්සව සහ අත්‍යවශ්‍ය උත්සව සහ රැස්වීම් සඳහා ඉතා සුළු පිරිසක් සඳහා සහභාගීත්වයට අවසර ලබාදී තිබීමත් විටින් විට රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් මෙම පහත වැටීමට හේතුව වී ඇත.

(Aruna)