Tuesday, July 15, 2025
Follow Us
පිටකොටුවේ නාට්ටාමිවරුන් වැඩවර්ජනයක. භාණ්ඩ බෑම, පැටවීම අඩාල වේ !

කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ නාට්ටාමිවරුන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉහළ යන ජීවන වියදම හමුවේ තම දෛනික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලමින් ඔවුන් මෙසේ වැඩවර්ජනය ආරම්භ කර ඇති බව සඳහන්.

පිටකොටුව ප්‍රදේශයේ තොග වෙළඳසැල්වල භාණ්ඩ බෑම සහ පැටවීමේ කටයුතු සිදුකෙරෙන්නේ මෙම නාට්ටාමිවරුන් විසින් වන අතර ඔවුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් එම කටයුතු වල යම් අඩාල වීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

(LNW)