Tuesday, July 15, 2025
Follow Us
කොළඹ - මහනුවර අතර දුම්රිය ධාවනය අද සිට ඇරඹෙයි

අත්හිටුවා තිබූ කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවන කටයුතු අද සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වයෙන් රඹුක්කන සිට බලන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවනය ඉකුත් දා තාවකාලිකව අත්හිටවූ බවයි.

එම දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු මේවනවිට අවසන් බැවින් කොළඹ සහ මහනුවර අතර දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ කිරීමට පියවර ගත් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

(Neth)