Friday, May 03, 2024
Follow Us
ආචාර්ය සිරිල් ගාමිණි පියතුමාට අද දින අපරාධ පරීක්ෂණ හමුවේ පෙනී සිටීමට නියෝග

ආචාර්ය සිරිල් ගාමිණි පියතුමාට අද(22) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දන්නා තොරතුරු ලබාදීම සඳහා මීට පෙර අවස්ථා දෙකකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූණි.

පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබීමට හේතු වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පියතුමා විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවය.

(Lanka Leads)