Friday, May 03, 2024
Follow Us
සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන ජනතාව දැනුවත් කරන්න පොලීසිය තීරණය කරයි

ලබන සතියේ සිට පොලීසි‌යෙන් තවත් විශේෂ වැඩක්


කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ බස්නාහිර පළාතේ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මෙම මස අවසාන සතියේ ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක කමිටු හරහා මෙම දැනුවත් කිරීම සිදුකරන බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කළේය.

මේ අතර කොවිඩ් -19 ආසාදිතයින් 725 දෙනෙකු ඊයේ (20) දිනයේ හඳුනා ගැනීමත් සමඟ අඛණ්ඩව දින 10කට අධික කාලයක් මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 700යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 555,929 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යවද 14,108ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

(Aruna)