Tuesday, July 15, 2025
Follow Us
ලාංකිකයන්ට වැදගත් ජංගම යෙදවුමක් ළගදීම

නාය යන ස්ථාන ජංගම දුරකථනයෙන් දැනගත හැකියි


නාය යන ස්ථාන පහසුවෙන් හඳුනාගත හැකි පරිදි ජංගම යෙදුමක් (Mobile App) හඳුන්වාදීමට ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානය සැලසුමක් ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන පවසයි.

නායයෑම් අවදානම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කිරීමෙන් පසුව මෙම ජංගම යෙදුම මගින් එම ස්ථාන පෙන්නුම් කෙරෙන බවත්, නායයෑම් අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට සේම එම ප්‍රදේශ හරහා ගමන් බිමන් යන අයටද ආරක්ෂාවීමටමෙම යෙදුම ප්‍රයෝජනවත් වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

මෙම ජංගම යෙදුම ලබන මාසයේදී හඳුන්වා දීමට කටයුතු කරන බවද ඔහු පවසයි.

(Aruna)