Wednesday, November 12, 2025
Follow Us
සාමණේර හිමිවරුන්ට ප්‍රායෝගික පුහුණුවක්

දෙව්රම් මහා විහාරස්ථානයේ හෙට සිට පවත්වන දේ


නවක සාමණේර ස්වාමීන් වහන්සේ පුහුණු කිරීමේ ජාතික වැඩසටහන හෙට (21) සිට පන්නිපිටිය දෙව්රම් මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට සිට ලබන 27 වන දින දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේය.

මෙහිදී ශාසනික වත්පිළිවෙත්, ඇවතුම් පැවතුම්, විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් දායක කාරකාදීන්ට සිදුකළ යුතු යුතුකම්, ශාසනික කාර්යභාරය, සුපසන් භික්ෂූන් වහන්සේ නමක් ලෙසින් සකස් වීම වැනි කරුණු යටතේ නවක සාමණේර ස්වාමීන් වහන්සේ සඳහා ප්‍රායෝගික පුහුණුවක් පැවැත්වීමට නියමිතය.

(Aruna)